15976 BM WEB BANNER 01
Feb 01, 2017

'ගෝඨා උපාධියක් අරන් ජනාධිපතිවරණයට' - දයාන් Featured

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විශ්ව විද්‍යාලයක දේශපාලනය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබාගෙන ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම වඩාත් සුදුසු බව ආචාර්ය දයාන් ජයතිලක මහතා ෆේස්බුක් පිටුවකට අදහසක් (comment) එක්කරමින් දක්වා ඇත.

මේ අදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් දයාන් ජයතිලක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ගෝඨාභය මහතා මේ යන ආකාරයට දේශපාලනය ක්‍රියාත්මක වුවහොත් ටියුටරියකට හෝ නොගොස් ඔහුට 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවයි.

එසේම එම ජනාධිපතිවරණය ඔහුට ජයගත හැකි බවද ඒ මහතා කියා සිටියේය.

එසේ සිදුවන්නේ නම් එය ලංකාවේ අනාගතයට සුභවාදී වන බවත්, ඔහු ජනපතිවරණයට ඉදිරිපත්වන්නේ නම් තමාගේ සම්පූර්ණ සහයද ඔහුට ලබාදෙන බව ජයතිලක මහතා කියා සිටියේය.

වැඩිදුරටත් ඔහු මෙසේ කීය.

“වසර තුනක උපාධි පාඨමාලාවකට ගෝඨා චීනයට” යන සිරස්තලය යටතේ අදාළ පුවත මුලින්ම හෙළිකරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් විසිනි.

එම පුවත සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ජයතිලක මහතා මෙසේ පැවසීය.

කෙසේවුවද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය මහතා දේශපාලනයට ගෙනඒම සම්බන්ධයෙන් විරෝධය දක්වන බව වාර්තා වේ.

මහින්ද මහතා වියතුන්ගේ හඬ ප්‍රධානියකුට පසුගියදා දුරකථනයෙන් අමතා ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙනඒමට දරණ උත්සාහ වහාම අත්හිටුවන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

ඔහුට වැඩිදුරටත් හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙනඒමට උත්සාහ කිරීමෙන් ඔහු සිරගත කිරීමට හැකි බවද පවසා ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ජයතිලක මහතා දමා තිබූ ෆේස්බුක් අදහස පහත දැක්වේ.

Dayanpost

සබැඳි පුවත්
වසර තුනක උපාධි පාඨමාලාවකට ගෝඨා චීනයට !

මහින්ද ගෙන් ගෝඨාට කැපිල්ලක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top