15976 BM WEB BANNER 01
Feb 01, 2017

මැර දේවගේදර තලගම පොලිසියත් නිහඬ කරයි Featured

තම බිරියට පෙත්සමක් යැවූ බව කියමින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා තමාව කාර්යාල කාමරයට ගෙන්වා පහරදුන් බවට ජාතික සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.වී.එස්. සූරසිංහ මහතා තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ල මෙතෙක් විභාගකර නැතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සුරසිංහ මහතා තලංගම පොලිසියිට පැමිනිලි කර ඇත්තේ පසුගිය 17 වැනිදාය.

කෙසේවුවද, සූරසිංහ මහතාව මේවන විට විනය හේතු මත යැයි කියමින් ගාල්ල ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි පැවසේ.

වැඩබලන සාමාන්‍යාධිකාරී තිලක් ප්‍රනාන්දු මහතා විසින් අද (01) සූරසිංහ මහතාට ඔහුගේ ස්ථාන මාරුවට අදාළ ලිපිය භාර දී ඇතැයි වාර්තා වේ.

සූරසිංහ මහතා සිද්ධිය නිසා ඇති වූ කම්පනයෙන් රෝගීව ප්‍රතිකාර ලබා ඇති බවද කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මහතා රෝගීව සිටීම සම්බන්ධයෙන් අද වෛද්‍යවාර්තාවක්ද වැඩබලන සාමාන්‍යාධිකාරී තිලක් ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත්කර ඇති අතර ඔහු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයිද පැවසේ.

අදාළ සිද්ධිය වන අවස්ථාවේ ලබාගත් හඬ පටයක් අප මීට පෙර පළ කළේය.

එම හඬපටයට පහතින් සවන්දෙන්න.


 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top