nsb

Feb 02, 2017

'සංවර්ධනයට' බාධා කලොත් ක්‌ෂණික ප්‍රතිචාර ! Featured

නව ආදායම් සහ රැකියා බිහිකොට රට සංවර්ධනය කිරීමේ අරමුණින් මෙරටට ගෙන්වා ගන්නා විදේශ ආයෝජන ව්‍යාපෘතිවලට එරෙහිව විරෝධතා, උද්ඝෝෂණ පවත්වන්නේ නම් ඒවාට ක්‌ෂණික දේශපාලන ප්‍රතිචාර දැක්‌වීමට එක්‌සත් ජාතික පක්‌ෂය තීරණය කර ඇත.

යහපාලන රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් හෙලන ඕනෑම කණ්‌ඩායමකට දේශපාලන වශයෙන් ප්‍රතිචාර දැක්‌විය යුතු බවට මෙම තීරණය එජාපය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමකදීය.

රටේ අනාගතය විනාශ කිරීමේ අරමුණින් විවිධ කණ්‌ඩායම් විසින් සංවිධාන කෙරෙන විරෝධතා අනුව ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව එජාප ජ්‍යෙෂ්ඨයෙක්‌ පැවසීය.

කඳුළු ගැස්‌ - ජල ප්‍රහාර :
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ ඊයේ (01) සංවිධානය කළ විරෝධතා පා ගමනට කොළඹ ලෝටස්‌ පාරේදී පොලිසිය කඳුළු ගෑස්‌ හා ජල ප්‍රහාර එල්ල කළේය. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top