Feb 02, 2017

නවීනුත්, රාජපක්ෂලාගේ පාරේ Featured

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ පනතට අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිය හැකි සාමාජිකයන් ගණන 13ක් වුවත් මේවන විට එහි සාමාජිකයින් 15 දෙනෙකු සිටින බව එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සාමාන්‍ය සම්ප්‍රදායට අනුව නිල බලයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් සාමාජිකයකු පත්වන අතර මෙවර ඒ සඳහා සාමාජිකයින් දෙදෙනෙකු පත්ව සිටින බව පැවසේ.

එසේ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ලබන තේ මණ්ඩලයේ දෙදෙනා වන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ඥාතියකු බව කියන ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ හා එහි තේ කොමසාරිස් ඊ.ඒ.ජේ.කේ. එදිරිසිංහ යන දෙදෙනාය. (මේ සම්බන්ධයෙන් කුඩා තේවතු සංවර්ධන අධිකාරී පනතේ ඇති කොටස පහත දැක්වේ)

Tea


මේ අතර, අදාළ පනතට අනුව වෘත්තීය සමිතිවලින් දෙදෙනෙකු ද එම අධයක්ෂ මණ්ඩලයට නම් කළ යුතුවුවත් එයද සිදුව නැති බව එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

යමර දීමනා වැඩිකිරිල්ල

අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම් වාරයකට මීට පෙර එක් සාමාජිකයකුට ගෙවා ඇත්තේ රුපියල් 4,000 ක මුදලක් බවත් පැවසේ.

කෙසේවුවද, එම දීමනාව ප්‍රමාණවත් නොවන බවට මතුවූ කරුණු මත එය රුපියල් 6,000ක් දක්වා වැඩිකිරීමෙන් පසුව නවීන් විසින් ඔවුන්ට තවත් රුපියල් 8,000ක් ප්‍රවාහන දීමනාවක්ද එක් කර තිබේ.

මේවන විට එක් සාමාජිකයකුට එක් රැස්වීමක් සඳහා සහභාගිවීම වෙනුවෙන් රුපියල් 15,000කට ආසන්න මුදලක් ලැබෙන බව පැවසේ.

තේවතු හිමියෝ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කරහරියි

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ආයුර්වෙද වෛද්‍යවරුන් වැනි විශය නොදන්නා අය පත්කර තිබීම හේතුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගිවීම තේවතු හිමියන් මඟ හරිමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

අධ්‍යක්ෂ මණ්ඩලයට 15 දෙනෙකු නම්කර සිටියද බොහෝ විට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගිවන්නේ 08දෙනෙකු පමණ බව පැවසේ.

කෙසේවුවද, විශයට සම්බන්ධ ප්‍රවීනයන් පවසන්නේ නවීන්ගේ වැඩත් දැන් රාජපක්ෂලාගේ වගේ නාස්තිකාර බවයි.
සබැඳි පුවත්

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ පනත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top