nsb

Feb 02, 2017

සයිටම් විරෝධයට ආ සිසුන් 12ක් අත්අඩංගුවට !

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) විරෝධය පල කරමින් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට එක්වූ සරසවි සිසුන් 12දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව මතය.

මෙම විරෝධතා පා ගමන මහජනයාට පීඩාවක් හා මාර්ග අවහිර නොවන අයුරින් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පෙරවරුවේ නියෝග ද නිකුත් කර තිබිණ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය අද පස්වරුවේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් ද එල්ල කළේය.

ඒ, කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේදීය.

ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑම සඳහා ලෝටස් පාරට අවතීර්ණ වූ විරෝධතා කරුවෝ එහි තිබූ පළමු පොලිස් මාර්ග බාධක පෙළ බිඳ ඉදිරියට ගමන් කළ අවස්ථාවේ දී පොලිසිය මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල කරනු ලැබිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top