Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 02, 2017

තාජුඩීන් ඝාතනය : හමුදා නිලධාරීන් ගැන විමර්ශන Featured

වසීම් තාජුදීන් ඝාතනය වූ කාලය තුළදී ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ උසස් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

තාජුඩීන් ඝාතන නඩුව අද ( පෙබ.02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අදාළ හමුදා නිලධාරීන්ගේ නම් හෙළි නොකළේය.

සිද්ධිය වූ කාලය තුළ ඔවුන්ගේ දුරකතන ඇමතුම් හා සංවාද පවත්වන අතර දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ දුරකථනයෙන් තාජුදින් ඝාතනය වූදා ජනාධිපති මන්දිරයට ලබාදුන් ඇමතුම පිළිබඳවද පරීක්ෂණ පවත්වන බව කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලු අධිකරණය, පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 16 වෙනිදා ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එසේම හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යනාදී සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

(බීබීසී සංදේශය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top