Feb 03, 2017

බැඳුම්කරේට වසර දෙකයි - රටට පාඩුව ට්‍රිලියනයයි (වීඩියෝ) Featured

මහ බැංකු බැඳුම්කර මූල්‍ය වංචාවට අදට වසර 2 ක් සපිරෙන අතර එහි දී සිදුව ඇති ආර්ථික අලාභය රුපියල් බිලියන 1000 ක ඉක්මවන බව ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (02 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම වංචා චෝදනාව පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක්‌ පත්කිරීමට මෙතෙක්‌ කල්ගතවීම ප්‍රශ්නයක්‌ බවත්, එලෙස ප්‍රමාදවී හෝ එවැනි කොමිසමක්‌ පත්කිරීම ගැන සතුටු වන බවත් පැවසු මන්ත්‍රීවරයා, අවස්ථාව ලබා දෙන්නේ නම් සිදුව ඇති මෙම ආර්ථික අලාභය පිළිබ‍ඳ ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කමිටුව ඉදිරියේ මෙය ඔප්පු කර දැක්වීමට සුදානම් බව ද දැඩි ලෙස කියා සිටියේ ය.


පාර්ලිමේන්තු රහස්‍ය වාර්තා :
මහ බැංකු බැඳුම්කර වංචා චෝදනාව සම්බන්ධව තමා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන රහස්‍ය වාර්තා සියල්ල ජනාධිපති කොමිසමේ සාක්‌ෂි ලෙස ලබාගත හැකි බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

මෙම මහා පරිමාණ බැඳුම්කර වංචාව සම්බන්ධව සාක්‌ෂි විශාල ප්‍රමාණයක්‌ පාර්ලිමේන්තුව තුළ තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා, ජනාධිපති කොමිසමේ කටයුතු ගැන ඒකාබද්ධ විපක්‌ෂය විමසිලිමත්ව බලා සිටින බව ද කීය.

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් 2008 සිට 2016 දක්වා අවස්ථා 2136 කදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇති අතර 2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු කියන අවස්ථාවල හැර අනෙක් අවස්ථාවල කිසිදු වංචාවක් වු බවට සාක්‍ෂියක් හෝ සටහනක් නොමැති බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top