nsb

Feb 03, 2017

පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි Featured

Nimotuzumab Injection 50mg    නැමැති පිළිකා ඖෂධය ආනයනය කිරිම සදහා ලබා දී තිබූ ටෙන්ඩරයක් තමන් විසින් අවලංගු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එම ඖෂධය ආනයනය කිරීමට නියමිතව තිබූ සමාගම පිළිබද පැමිණිලි රැසක් ලැබීම හා පොලිස් පරීක්ෂණයක් ක්‍රීයාත්මක වීම ඊට  හේතුව බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මෙම සමාගම මීට ප්‍රථම වෙනත් සමාගමක නාමයෙන් පිළිකා ඖෂධ ආනයනය කර විවිධ විෂමාචාරයන් සිදු කර ඇති බවට ලැබී ඇති පැමිණිලිවල සදහන් වෙයි.

එම විෂමාචාර සිදුවීම් සිදුකර ඇතැයි පැවසෙන සමාගම ලිපිනය වෙනස් කරමින් නව සමාගම ජනවාරි මාසයේ දී ලියාපදිංචි කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

එම නිසා පොලිස් පරීක්ෂණ සහ ලැබී ඇති අනෙකුත් පැමිණිලිවල විමර්ශණ අවසන් වන තුරු එම ටෙන්ඩරය අවලංගු කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ඉන්දියාවෙන් ආනයනය කිරීමට:

පිළිකා රෝගීන් සදහා ලබාදෙන Nimotuzumab Injection 50mg    නැමැති මෙම ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කිරීමට එම සමාගම කටයුතු කර තිබුනි.

එම ඖෂධ 600 ක් මෙලෙස ආනයනය කිරිමට නියමිතව තිබූ අතර, එහි එක් ඖෂධයක වටිනාකම රුපියල් 51,500 ක් පමණ වන බව වෛද්‍ය සැපයුම් අංශය සදහන් කරයි.

එම ටෙන්ඩරය අවලංගු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාටය.


සබැඳි පුවත් :

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි !

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top