nsb

Feb 03, 2017

2016 දී ලාදුරු රෝගීන් 1853 ක්

පසුගිය (2016) වසරේ ලාදුරු රෝගීන් 1853ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා අද (03දා) පැවසීය.

‘2020 දී ලාදුරුවලින් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ඔහු මේ බව කියා සිටියේය.

ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හමු වී ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

මෙහිදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරී කටයුතු කඩිනම් කිරීම සදහා ටැබි පරිගණක ඛෙදාදීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙම අවස්ථාවට ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණානායක මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියහ.

laduru

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top