Feb 03, 2017

බොනිෆස්ගෙන් ජනපතිගේ රැහේ එකෙකුට මරණ තර්ජන

දිවයින පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ජනිත සෙනවිරත්න මහතාට, ස්වෙච්ඡා බලසේනාවේ ආඥාපති හා සිංහ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා දුරකථන ඇමතුමක් ලබාදී මරණීය තර්ජන සිදුකර ඇතැයි වාර්තා වේ.

ඔහුට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් සෙනවිරත්න මහතා අද (03) කොටහේන පොලිසියේ පැමිණිල්ලක් (CIB 135 / 33) සිදුකර ඇත.

පසුගිය 29 වැනි ඉරිදා දිවයින පුවත්පතේ පලවූ ඕපදූප කොළමයක මේජර් ජනරාල්වරයාට අපහාසවන ආකාරයේ පුවතක් පලකළේයැයි වන සිද්ධියක් සම්බන්ධයෙන් උරණව මේජර් ජනරාල්වරයා මේ තර්ජනය සිදුකර ඇත.

සෙනවිරත්න මහතා යන එන තැන්ද තමා දන්නා බව පවසමින් පවුල් පිටින් නැතිකර දමන බව කියමින් මේජර් ජනරාල්වරයා අදාළ තර්ජනය කිරීම සිදු කර ඇත.

බොනිෆස් පෙරේරා මහතා එම පුවත පලවීමෙන් පසුව සංඝයාවහන්සේලා පිරිසක්ද සෙනවිරත්න මහතා හමුවීමට දිවයින කාර්යාලට එවා තිබූ බව වාර්තා වේ.

පෙරේරා මහතා මීළඟ හමුදාපති ධූරය ද අපේක්ෂාවෙන් සිටින නිලධාරියෙකි.

තමාද ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස මීට පෙර කටයුතු කර ඇති බවත් එනිසා තමාද මාධ්‍යවේදී රැහේ එකෙකු බව මීට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා ඇති බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇති බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top