Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 03, 2017

ඇමති බෑණටත් ඇපදෙයි !

රුපියල් මිලියන 12 ක රජයේ මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවට අදාලව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ බෑණා වන සුසිල් චමින්ද කුමාරසිංහ මහතා අද (03) ඇප මත මුදා හැර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා සැකකරු රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කර ඇත.

මීගමුව කලපුව සංවර්ධනය සදහා වෙන් කල මුදල් සාවද්‍ය සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

සැකකරුට සෑම ඉරිදා දිනයකදීම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ලබන මාර්තු 10 වැනිදා මේ නඩුව යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top