nsb

Feb 03, 2017

හෙට පාරවල් වැහෙන්නෙ මෙහෙමයි !

කොළඹ ගාලු මුවදොර පිටියේදී හෙට (04) පැවැත්වෙන 69 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අධියර කිහිපයක් යටතේ හෙට පෙරවරුවේ සිට ගාලු පාරේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය කියා සිටී.

පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කියා සිටී.

ඒ අනුව පෙරවරු පහේ සිට දහවල් 12 දක්වා ගාලුපාර /ගාලු මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තු වට රවුම අතර මාර්ගය මෙන්ම චෛත්‍ය පාර වසා තැබෙනවා’

පෙරවරු 7 සිට දහවල් 12 දක්වා කොල්ලුපිටිය හංදියේ සිට ගාලු මුවදොර දක්වා මාර්ගය / කොල්ලුපිටිය ශාන්ත මයිකල් වට රවුමේ සිට ගාලු පාර දක්වා මාර්ගය වසා තැබීමට නියමිතයි’ එමෙන්ම එම කාල සීමාව තුල රොටුන්ඩා වට රවුමෙන් ගාලු පාර දෙසට ඇතුලුවන මාර්ගය / සෙරමික් හංදියේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා මාර්ගය හා යොර්ක් වීදියෙන් ලංකා බැංකුව දක්වා මාර්ගය තාවකාලිකව වසා තැබෙනවා’ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සීනෝර් හංදියේ සිට සී ටී ඕ හංදිය දෙසට ඇතුලු වන මාර්ගය හා කොටුව සී ටී ඕ හංදියෙන් සෙරමික් හංදිය දෙසට ඇතුලු වන මාර්ගයද වසා තැබෙන්නේ හෙට පෙරවරු 7 සිට දහවල් 12 දක්වායි’

මෙම රථවාහන සැලැස්මේ තවත් අධියරක් උදාසන 8 සිට දහවල් 12 දක්වා කි‍්‍රයාත්මකයි’ එම කාල සීමාව තුල වසා තැබෙන්නේ ගාමිණී වටරවුමෙන් ඞී ආර් විෙ–වර්ධන මාවතට ඇතුලු වන මාර්ගය හා කොම්පඤ්ඤවීදීය පොලීස් වට රවුමේ සිට රීගල් හංදිය දක්වා වන කොටසයි’ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සදහන් කලේ අදාල ප‍්‍රදේශවල පදිංචිකරුවන් සදහා පමණක් හෙට දිනයේදී මාර්ගය විවෘත බවයි’

මෙම කාල සීමාවේදී ජනතාවට ගමනාගමනය සිදු කල හැකි විකල්ප මාර්ග කිහිපයක්ද පොලීසිය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා’ ඒ අනුව ගාලු පාර ඔස්සේ කොලඹට ඇතුලවන හා පිටවන බස් රථ හා සැහැල්ලු වාහන සදහා ගාලු පාර ඔස්සේ බගතලේ පාර / ආර් ඒ ද මෙල් මාවත / බෞද්ධාලෝක මාවත / තුම්මුල්ල වට රවුම / තර්ස්ටන් පාර / ග්ලාස් හවුස් හංදිය හරහා නන්දා මෝටර්ස් මාවතට පැමිණ හෝර්ටන් වටරවුම ඔස්සේ සොයිසා වට රවුමට පැමිණ ඞීන්ස් පාර ඔස්සේ ටෙක්නිකල් හංදියට ලගා විය හැකියි’ එමෙන්ම හෙට උදෑසන 09 සිට කොල්ලුපිටිය හංදියෙන් පිත්තල හංදිය ඔස්සේ කොම්පඤ්ඤවීදියට ලගා වන මාර්ගයද භාවිත කිරීමේ හැකියාව පවතිනවා’

ගාලු පාරෙන් පිටවන වාහන සදහා ඕල්කට් මාවත / ටෙක්නිකල් හංදිය / මරදාන පාලම හංදිය / ටී’බී ජයා මාවත / ඉබ්බන්වල හංදිය / යුනියන් පෙදෙස / ලිප්ටන් වටරවුම / එෆ් ආර් සේනානායක මාවත / කන්නංගර මාවත / නන්දා මෝටර්ස් හංදිය හරහා නිදහස් වටරවුමට පැමිණ ඒ ඔස්සේ රීඞ් මාවත / තුම්මුල්ල වටරවුම / බෞද්ධාලෝක මාවත / ආර් ඒ ද මෙල් මාවත ඔස්සේ ගාලු පාරෙන් පිටවීමේ හැකියාව පවතිනවා’

මෙම උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරමින් අදාල රථවාහන ධාවන සැලැස්ම සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරන්නේ’

69nidahas

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top