Feb 03, 2017

කැබිනට් සංශෝධනයකට 'හොඳ වෙලාව' - තලතා

ශ්‍රී ලංකාවේ කැබිනට් සංශෝධනයක් සඳහා සුදුසු කාලය එළඹී ඇතැයි විශ්වාස කරන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇමතිනිය ඒ බව ප්‍රකාශ කළේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති උත්වයකින් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

"මම හිතනවා මේක හොඳ වෙලාව සහ කළයුතුයි කියලා. ඒ ගැන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් යම් තීරණයකට ඇවිල්ලා තියනවා කියලා මගේ විශ්වාසය," යනුවෙන්ද ඇමතිනිය සඳහන් කළාය.

ඉදිරි සති කිහිපය තුලදී කැබිනට් සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ගෙන් අදහස් විමසා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

(මූලාශ්‍රය -බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top