nsb

Feb 04, 2017

'නිදහස සමරන්න රටක් ඉතිරි වේදැයි සැකයි' - මහින්ද

මෙවර ජාතික නිදහස් දිනය සැමරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ එළැඹෙන වසරේදී එවැනි සැමරීමක් සඳහා රටක් ඉතිරි වේදැයි සැකයක් ද සිත දරාගෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදට යෙදී ඇති ජාතික නිදහස් දිනය වෙනුවෙන් ඔහු විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.

ශ්‍රී  ලංකාව සතු දේපළ විදේශිකයින්ට විකුණා දැමීමට ද රටේ ඒකීය භාවය අවදානමට හෙළා කටයුතු කිරීමට ද වත්මන් පාලකයින් කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

 ඒ නිසා සැබෑ නිදහසේත් ස්වාධිපත්‍යයේත් වැදගත්කම අද දිනයේදී හෝ ඔවුන්ට අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top