nsb

Feb 04, 2017

ලංවිම මූල්‍ය රෙගුලාසි කඩා බිලියන 80ක් වියදම් කරලා ! Featured

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා කිසිදු විගණනයකින් තොරව වසරකට රුපියල් කෝටි අටදහසක (බිලියන 80) පමණ මුදලක් ගෙවීමෙන් මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව වාර්තා වේ.
 
එය වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන්නක් බවද පැවසේ.
 
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලැයිස්තු ගතකර තිබෙන පෞද්ගලික සමාගම්වලින් විදුලිය ලබාගැනීමේදී මෙන්ම බලාගාර අක්‍රීය කර තැබූ අවස්ථාවලද එම බලාගාරවලට විශාල ගෙවීම්කර ඇතැයි කිය වේ. 
 
එම ගෙවීම එක් බලාගාරයකට රුපියල් එක්කෝටි විසි ලක්ෂයේ සිට රුපියල් අසූ කෝටිය දක්වා වන විශාල ගෙවීම් යැයි පැමිණිලිකරැවෝ ප්‍රකාශකර ඇත.
 
රජයේ මුදල් නීතිය අනුව මෙම දැවැන්ත ගෙවීම් විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් විය යුතු වුවද පසුගිය කාලය පුරාම මෙම ගනුදෙනු විගණනයට ඉදිරිපත් නොකිරීම සැක කටයුතු බව අදාළ පැමිණිලිවල දක්වා තිබේ. 
 
එම නිසා මෙම ගෙවීම් නිවැරදි ලෙස සිදුකර තිබේද යන්න වහා විගණනය කොට වැරදි සිදුකර තිබේ නම් ඊට වගකිවයුතු තැනැත්තන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් පැමිණිලිකරුවන් ඉල්ලා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. 
 
මූලාශ්‍රය - දේශය
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top