nsb

Feb 04, 2017

දයාසිරි පෙම්වතියන් ගැන හෙළිකරයි ! Featured

වත්මන් ක්‍රීඩා අමාත්‍ය ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර ජයසේකර මහතාට පළමු ප්‍රේම කිහිපයක් ඇති බව වාර්තා වේ.

ඔහු විසින් සතිඅන්ත පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් මේබව හෙළිව තිබේ.

දයාසිරි, ආදරය කිරීම ආරම්භ කර ඇත්තේ පාසල් සමයේදීය. එකල ජංගම දුරකථන නොමැති නිසා දයාසිරි ඇයට ලියුම් ලියූ බවත්,  පසුකලෙක ඇය ඔහු සමඟ අමනාපව දයාසිරි ලියූ ලියුම් කෑලි කෑලිවලට ඉරලා දයාසිරිටම ගෙනත්දී තිබේ.

ඒ ලියුම්වල කෑලි තවමත් දයාසිරි ළඟ ඇති බවද පැවසේ.

ඔහුට වත්මන් බිරිය ජයවන්ති හමුව ඇත්තේ ඔහු විශ්ව විද්‍යාලයේ සිටියදීය.

ඇය හමුවන්නට පෙර ද ඔහුට සරසවියේ පෙම්වතියක් සිට තිබේ.

දයාසිරි, චන්න උපුලි රංගායතනයේ උපුලිගෙන් නර්තනය හැදෑරීමට ගොස් ජයවන්තිව දැලේ දමාගෙන ඇති බවද පැවසේ.

සරසවි සමයට පෙර දයාසිරි හා ඔහුගේ සොයුරු කිත්සිරි සිව් සැරයන් නමින් සංගීත කණ්ඩායමක් කළ බවත්, එකළ දයාසිරි එම සංගීත කණ්ඩායමේ ගායකයා ලෙස ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකගේ ගීත කී බවද ඔහු සඳහන් කරයි.

රූකාන්තගේ ජනප්‍රියත්වය නිසා සංගීත ප්‍රසංගවලදී ඔහුගේ ගී ගැයූ දයාසිරිට තරුණියන් දුරකථන අංක හා ලිපින ද දුන් බවද ජයසේකර මහතා සිය සම්මුඛ සාකච්ඡාවේදී හෙළිකර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top