15976 BM WEB BANNER 01
Feb 04, 2017

'පෞද්ගලික සරසවිවලට එරෙහිවීම කුහකයි' - එස්.බී.

මෙරට තිඛෙන ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය බවත්, එයට එරෙහිවීම කුහකකමක් බවත් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

මහනුවර අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා එම බව කියා සිටියේය.

ජාත්‍යන්තර පාසල්වල සිසුන් ලක්ෂ 04කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන බව අමාත්‍යවරයා පැවසිය.

එස්.බි. රටම ඇන්දුවා :

මේ අතර, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුව අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසුයේ, සයිටම් දොස්තර උපාධිය රුසියාවෙන් කියා ඇමති එස්.බි. රටම ඇන්දු බවයි.

එහිදී ඔහු මෙසේද පැවසිය.

'' සයිටම් ප්‍රශ්නය මේ වන විට ඔඩු දුවා ඇති ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ඇරඹුණේ එවකට උසස් අධ්‍යාපන ඇමති ධුරය දැරූ එස්.බී. දිසානායක කැබිනට් මණ්ඩලයත් නොමග යවා, කූඨ හා දුෂ්ට ආකාරයට වෛද්‍ය උපාධිය වෙළෙන්දෙකුට විකුණා ලාභ ලබාගැනීමේ ආයතනයක් හදන්න විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලබා දීම නිසයි.

එදා මේකට දසතින් විරෝධය එනකොට එස්.බී. දිසානායක පැවැසුවේ කුමක්ද? ‘රුසියානු විශ්ව විදාලයක් සමග එක්වී තමයි මේ ආයතනය එම්.බී.බී.එස්. උපාධිය දෙන්නේ. සායනික නොවන පුහුණුව මේ රටේදි ලබා දෙනවා. සායනික පුහුණුව රුසියානු විශ්ව විද්‍යාලයෙන් දෙනවා. අවසානයේදී උපාධිය ලබා දෙන්නේ රුසියානු විශ්ව විද්‍යාලයෙහි’ කියලයි.

ඒ නිසයි, මුල් අවස්ථාවේ මේ සයිටම් ආයතනයට එරෙහිව පැන නැගූණි විරෝධය පහව ගියේ. නමුත් කල් යනකොට කාටත් ඒක අමතකව ගියා පසුව නෙවිල් ප්‍රනාන්දුලා SAITM MBBS උපාධිය පිළිගන්න කියලා වෛද්‍ය සභාවෙන් ඉල්ලූවා. පිළිනොගත්තම උසාවි ගියා.

සැපිරිය යුතු ප්‍රමිතිය :

වෛද්‍ය ආඥා පනත අනුව මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් සැපිරිය යුතු ප්‍රමිතියක් තිබෙනවා. ඒ ප්‍රමිතිය සලකා බලන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි.

සයිටම් ආයතනය එම ප්‍රමිතිය සපුරා ගන්නේ නැතිව තමයි, දිගින් දිගටම තම සිසුන්ගේ ලියාපදිංචිය ගන්න ගියේ. නිසි ප්‍රමිතිය නැති නිසයි, වෛද්‍ය සභාව එම උපාධිය පිළි නොගත්තේ.''

මේ වන විට ඔඩු දුවා ඇති සයිටම් උපාධියේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයට නිසි විසඳුම් ලබා නොදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව දිගින් දිගටම මර්දනයට සැරසුණොත් ඊට එරෙහිව රටම පාරට බැස්සවීමට කටයුතු කරන බවද ජයන්ත සමරවීර මහතා අවධාරණය කර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top