Feb 05, 2017

මහින්දගේ ප්‍රජා අයිතිය ගැන රජයේ ස්ථාවරය ? Featured

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසයි.

රජය එවැනි තීරණයක් ගෙන ඇති බවට පැතිර යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්ත රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

ඇමතිවරයා එබව පැවසුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දීය.

අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවත්, ඊට බලපෑම් එල්ල කිරීමට රජයට වුවමනාවක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

ඡන්ද ඉල්ලන්න හම්බවෙන්නේ නැ :

මෛත්‍රී-රනිල් පාලනය, මහින්ද – විමල් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් හිරේ දමා වසර 07කට ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සුදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ, දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පසුගියදා 31දා මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

'' අවුරුදු දෙක තුනකට හිරේ ගියාම ඒ අයට 2020 මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්න හම්බුවෙන්නේ නැහැ. මේ අය එළියට එන්නේ, 2021/2122 වසරේදී විතර.

ලංකාවේ නීතිය අනුව මාස 3ක් හිරේ ගියොත් අවුරුද් 7කට ප්‍රජා අයිතිය අහෝසියි. එතකොට 2020/2029 දක්වා ප්‍රජා අයිතිය අහෝසියි.

2025 මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්න හම්බවෙන්නේ නැහැ. 2025 වසරේදී අපේ හිටපු ජනාධිපතිතුමාට අවුරුදු 82ක් වෙනවා. මේ අයට අවුරුදු 82දී එතුමා කොහේද ඉන්න ඕන කියලා කවුරුත් දන්නවා…’

බටලන්ද අලුත් තියරිය:

රනිල් වික්‍රමසිංහ මහත්තයෝ මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් නායකයන් අඩුම තරමින් මාස තුනකටවත් හිරේ දමලා ඔවුන්ගේ ප්‍රජා අයිතිය වසර 07කටවත් අහෝසි කරන බව නේද මේ කියන්නේ.

මේ තමයි ‘බටලන්ද අලුත් තියරිය’ එදා රනිල් වික්‍රමසිංහගේ බටලන්ද වදකාගාරයටත් බිය නොවුණු අපි අද මේ සෙල්ලම්වලට බය වෙන්නේ නැහැ ''.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top