nsb

Feb 05, 2017

දුෂිත ඇමතිවරු ගැන ශ්‍රීලනිපයෙන් එජාපයට ඉල්ලීමක් ! Featured

බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් වහාම ගත යුතු ඉදිරි පියවරයන් ගැන එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා පක්ෂ දෙකෙහි ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා පැවති විශේෂ සාකච්ඡාවක දීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා සහ එස්. බී. දිසානායක ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද එම සාකච්ඡාවට සහභාගී වී ඇත.

දූෂණ චෝදනා එල්ල වී ඇති ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙක්‌ වහාම එම ධුරවලින් ඉවත් කිරීමට අගමැතිවරයාගේ එකඟත්වය ලබාදෙන ලෙස ශ්‍රීලනිප ඇමතිවරුන් මෙහිදී දැඩිව ඉල්ලා තිබේ.

එහෙත් එජාප නියෝජිතයින් මෙහිදී පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ කිසිඳු අනුකුලතාවයක් නොමැති බවයි.

යහපාලන ආණ්ඩුවට එරෙහිව නැඟී ඇති දූෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතළ ලෙස මූල්‍ය සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධව චෝදනා ලබා සිටින එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකු අදාළ අමාත්‍ය ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බවට එජාප නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසක් පසුගියදා ජනාධිපතිවරයාට යෝජනා කර තිබු අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුවත් එජාපය සමඟ තමන් එළඹි ගිවිසුම අනුවත් අමාත්‍යවරුන්ගේ විෂය සම්බන්ධව තීරණය ගැනීම අග්‍රාමාත්‍යවරයා සතු කාර්යක් බවයි.


සබැඳි පුවත්

රවී ඉවත් කරනවට අගමැති එරෙහිවේ !
http://sinhala.srilankamirror.com/news/2032-2017-01-24-02-54-21

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top