Feb 06, 2017

බැඳුම්කරය: මුදල් ආපහු අයකර ගැනීමට යයි Featured

බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කර ඇත්තේ පරීක්‍ෂණ යටගැසීමට නොව එය වේගවත්කිරීම සඳහා බව පවසන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා, "මේ මුදල ආපහු රජයට අයකර ගැනීමට ඇති හැකියාව පිළිබඳව මේ කොමිසම විශේෂයෙන්ම සොයා බලනවා." යයි කියා සිටියි.

බීබීසී සංදේශය කළ විමසීමකදී එබව පැවසු අමාත්‍යවරයා, මෙම වසර ඇතුළතදී ම එහි ප්‍රතිඵල දැකිය හැකි බව කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් මහින්ද අමරවීර ඇමතිවරයා පැවසුයේ,  බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසම ලබාගන්නා සාක්ෂි, නඩු පැවරීමේදී වැදගත් සාක්ෂි බවට පත්වන බවය.

"හොරුන්ට බේරෙන්න ඉඩදෙන්න පුළුවන් කමක් නැහැ. ගිය ආණ්ඩුව හොරකම් කළත් වැරදියි. මේ ආණ්ඩුව හොරකම් කළත් වැරදියි. ගිය ආණ්ඩුව වැඩියෙන් හොරකම් කළා කියල මේ ආණ්ඩුව අඩුවෙන් හොරකම් කරන්නවත් බැහැ. මොකද මේවා ජනතාවගේ මුදල්. ඒ අයට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදෙන්න ඕන." යනුවෙන් ඔහු පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top