Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 06, 2017

ඇමති මණ්ඩල සංශෝධනය කල් දමයි !

ඉදිරි දින කිහිපයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවත් මාස කිහිපයකින් කල් දමා දැමීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා ජනාධිපති නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

මෙම සාකච්ජාවට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසත් ද එක්ව සිටි බව වාර්තා වේ.

යහපාලන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට එල්ලවී ඇති දූෂණ චෝදනා සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබිණ.

කෙසේ වෙතත් සිකුරාදා පැවති සාකච්ඡාවේ දී ඇතිකර ගත් එකඟතාව අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙලෙස කල්දමා ඇත.

රවිට මල පනි :

කෙසේවුවද, රජයේ ඉහළින්ම සිටින බලවතෙක් සාකච්ඡා කිහිපයකදිම දන්වා තිබුණේ අනිවාර්යෙන්ම මුදල් අමාත්‍යාංශයේ වෙනසක් සිදුවන බවයි.

එයට මූලික හේතුව ශ්‍රිලනිප අමාත්‍යවරුන් විසින් මුදල් ඇමතිවරයා සම්බන්ධ නොයෙකුත් දුක් ගැනවීලි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට තිබීමය.

එබැවින් මාධ්‍ය මේ සම්බන්ධව ඊයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් කරුණු විමසන ලදුව ඔහු විසින් මාධ්‍ය වෙත තරමක් කේන්තියෙන් මෙන්ම උපහාසාත්මකව පිලිතුරු ලබා දෙන ලදී.

ඇමතිවරයාගේ පිලිතුර වූයේ ගිය ආණ්ඩුවේ අපිව පරාජය කරන්න හිටපු අය අද ඇමති මණ්ඩලයේ සිට ප්‍රශ්න කරන බවත්, ඔවුනට ඕනැ විදියට තමන් මුදල් ලබා නොදෙන බවත් ඒගොල්ලනට තියෙන බඩේ අමාරුවට තමා උත්තර නොදෙන බවත් තමා වැඩ කරන්නේ ජනාධිපතිවරයාටයි අගමැතිවරයාටයි ඕන විදියට පමණක් බවත්ය.

අදාල වීඩියෝව පහතින්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top