nsb

Feb 06, 2017

රවීගේ පත්තරෙන් රවීටම ගහලා Featured

ඉරුදින සතිඅන්ත ඉරිදා පුවත්පත විසින් ආන්දෝලනයට තුඩු දී ඇති මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට අදාළ ව විගණකාධිපතිවරයා විසින් සකස් කරන ලද රහසිගත වාර්තාවක් වහාම ලබාදෙන ලෙස ප්‍රබල ඇමතිවරයකු විසින් බලපෑම් කරමින් සිටින බව දක්වමින් සිය ප්‍රධාන පුවත පලකිරීම දේශපාලන කේෂත්‍රයේ කතාබහට ලක්ව තිබේ.
 
ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක හා ආන්තදෝලනාත්මක බැඳුම්කර සිද්ධියට අදාළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන ආලෝසියස් විසින් පවත්වාගෙනයනු ලබන අදාළ පුවත්පත විසින් මුදල් ඇමතිවරයා ඉලක්ක කර මේ පුවත පල කිරීම නිසාය.
 
“රහස් වාර්තාව ඉල්ලා ඇමැතිගෙන් විගණකාධිපතිට බලපෑම්” යන සිරස්තලය යටතේ මේ පුවත පලකර තිබේ.
 
එම පුවතේ වැඩි දුරටත් දැක්වෙන්නේ විගණකාධිපතිගේ රහස් වාර්තාව කථානායකට හා නීතිපතිට පමණක් ඉදිරිපත් කිරීම නිසා ඇමතිවරයා මේ බලපෑම සිදුකරණ බවයි.
 
කර්තෘ මණ්ඩලට පඩිත් නෑ
 
මේ අතර, ඉරුදින පුවත්පතේ කර්තෘ මණ්ඩලයට මාස 2ක කාලයක සිට වැටුප්ද ලැබී නැතැයි ද වාර්තා වේ.
 
එසේ අදාළ, කර්තෘ මණ්ඩලයට වැටුප් නොලැබී තිබියදී  අර්ජුන ආලෝසියස් විසින් මෑතකදී ආරම්භ කිරීමට යන පුවත්පතක් වෙනුවෙන් අතිවිහාල මුදලක් වියදම්කර ඇති බවත්, එහි සේවක මණ්ඩලයට වැටුප් ගෙවා ඇති බවත් වාර්තා වේ.
 
අර්ජුන්ගේ අරක්කු සමාගම කෝටි 84ක පොල්ලක් තියලා

මේ අතර, මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් මිලදී ගෙන ඇති මෙන්ඩිස් අරක්කු සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් කෝටි 84 ක් ඉක්මවා ඇතැයි 'දූෂණ විරෝධී හඬ' සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඉරුදින පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයක් පහත දැක්වේ.
unnamed
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top