nsb

Feb 06, 2017

'මහ බැංකුවේ ඉන්නේ හොර තක්කඩි' - මුදල් ඇමති

මහ බැංකුවට නව අධිපතිවරයෙකු හිටිය ද එහි සිටින හොර තක්කඩි රැල නිසා කිසිවක් කරගැනිමට නොහැකි බව මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා සති අන්ත 'සන්ඩේ ටයිම්ස්' ඉංගිරිසි පුවත්පත සමඟ කල සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.

ඒ සියල්ලෝම හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ සිට ඉන්න අය බවත් මුදල් ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

තමා යටතේ පවතින ආයතනවල ගැටලු තිබුනත් හැමවිටම ඇමතිවරයා හැටියට ඔවුන්ව ආරක්ෂා කරන බවත්, විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ ‘මට මොන ප්‍රශ්න තිබුනත් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හරිහැටි ඉටුකරනවා’ යයි පුවත්පත ඇසු පැනයකට පිලිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි සහ රජයේ විගනකාධිපති ගාමිණී විජේසිංහ මහත්වරුන් හදිසියේම මාධ්‍ය සංදර්ශනකරුවන් බවට පත්ව ඇතැයි ද මුදල් ඇමතිවරයා පවසයි.

'' ඒ දෙන්නා ජනතාවට දකින්නටවත් කතා කරන්නවත් ඉදිරිපත් නොවිය යුතුය. මන්ද ඔවුන් ආයතනවල ප්‍රධානින්. ඔවුනට පඩි ගෙවන්නේ ජනතාවයි. මට ඕන එගොල්ලන් ලවා අද වැඩේ අද කරගන්නයි. නැතිව ඒක හෙට කර ගැනිම නොවේ. එත් වෙලා තියන්නේ දැන් මේ දෙන්න මාධ්‍ය සංදර්ශනකරුවන්වෙලා’ යයි මුදල් ඇමතිවරයා වැඩුදුරටත් පවසා තිබේ.

(ලංකා සී නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top