nsb

Feb 06, 2017

ජනපති ‘මගුල් මඩුවේදී’ ඓතිහාසික අත්සනක් ගහන්න යයි

වසර1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට එක් වී රාජ්‍ය උදහසට ලක්ව දේශද්‍රෝහීන් ලෙස නම් කර සිටින විරුවන් 900 කට ආසන්න පිරිසක් දේශප්‍රේමීන් ලෙස නම් කිරීම ලබන මාර්තු මස පළමුවැනිදා සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනයට, ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මගුල් මඩුවේ දී අත්සන් තැබීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ එම විරුවන්ගේ ඥාතීන්ගෙන් මේ සම්බන්ධ ඉල්ලීම් රැසක් ලැබී තිබෙන බවය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය.

" දේශද්‍රෝහීන් ලෙස නම් කර සිටි තවත් ජාතික විරුවන් පිරිසක් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ගැසට් පත්‍රයට ලබන පළමුවනදා අත්සන් තැබීමට නියමිතයි.

මොණරවිල කැප්පෙටිපොළ විරුවා ඇතුළුව නිදහස් කැරැල්ලට දායකත්වය ලබා දුන් විරුවන් 19 දෙනෙකු මීට මාස දේශප්‍රේමීන් ලෙස නම් කෙරුණා. තවමත් දේශද්‍රෝහී ලැයිස්තුවේ සිටින 950 කට ආසන්න විරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් ද දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සිදු කෙරෙනවා. දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් පත්‍රය අත්සන් තැබීම ඓතිහාසික මගුල් මඩුවදී සිදු කිරීමට නියමිත."බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීයහ.

එම අවස්ථාවට අදාළ විරුවන්ගේ පවුල්වල ඥාතීන් ද සහභාගී වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නීතීඥ නිමල් බෝපගේ , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය ඇතුළු පිරිසක් එක්වූහ.

මාර්තු මස 01 වැනිදා ශ්‍රී දළදා මාළිගාවේ මගුල් මඩුව පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්සන් කිරීමට නියමිත ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට සම්භන්ධවූ 950කට ආසන්න විරුවන් දේශප්‍රේමින් කිරීමෙ ලියවිල්ල සම්බන්ධ කතිකාවක්

ඒ සම්බන්ධයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මගුල් මඩුව පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහභාගිව සිටි අයුරු.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච් එම් පී හිටිසේකර, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නීතීඥ නිමල් බෝපගේ , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය ඇතුළු පිරිසක් එක්වූහ.

ස්වාධීන ජනමාධ්‍ය කොමිසමක් ඇතිකිරීම සහ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ දේශද්‍රෝහීන් ලෙස නම්වූවන් දේශප්‍රේමීන් කිරීම වෙනුවෙන් ඇමති ගයන්ත කරුණාතිලක මහතා මල්වතු මානාහිමි බැහැදකීමට යාම.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top