Feb 06, 2017

සයිටම් CEO ට වෙඩි තියලා !

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (SAITM) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

සමීර මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල දීය.

සිද්ධියෙන් කිසිවකුට හෝ හානි සිදුව නොමැත.

සේනාරත්න මහතාගේ රියේ ඉදිරිපසට හා පිටුපස දොරට වෙඩි ප්‍රහාර එල්ලවී ඇති බව පැවසේ.

සේනාරත්න මහතා රාජකාරි නිමකර රාජගිරියේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top