Feb 08, 2017

ශ්‍රීපතිගේ නව වන ගුණසමරුව 09දා

හිටපු අමාත්‍ය නැසීගිය ශ්‍රීපති සූරියආරච්චි  මහතාගේ නව වන ගුණානුස්මරණය පෙබරවාරි මස 09 වනදා සවස 4.00ට බොරැල්ල සුසාන භූමියේ  දී සිදු කෙරේ.

එහි දී  පක්ෂ විපක්ෂ දේශපාලන නායකත්වයෙන් යුතුව ශ්‍රීපති සූරියආරච්චි මහතා වෙනුවෙන් පුෂ්පෝපහාරයක් ද සිදු කිරීමට නියමිතය.

වසර 1962 සැප්තැම්බර් 08 වන දින උපන් සූරියආරච්චි මහතා 2008 පෙබරවාරි 08 වන දින රිය අනතුරකින් මිය ගියේය.

නීතිඥවරයකු වූ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසද කටයුතු කර ඇත.

2005 ජනාධිපතිවරණයෙ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා සුවිශාල කාර්යභාරයක් කළ ඒ මහතා, එම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හෙබවූ අතර මාස කිහිපයකට පසු ඔහුට එම ඇමැති ධුරයෙන් ඉවත් වන්නට සිදු විය.

පසුව  මංගල සමරවීර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වය පිහිටුවීමට ක්‍රියා කළ ඒ මහතා, එහි ජාතික සංවිධායක ලෙස ද කටයුතු කළේය.

 ශ්‍රීපති සූරියආරච්චි මහතා මිය ගිය මෝටර් රථ අනතුර සැක සහිත බවට ද අදහස් පළ වූ අතර  අනතුරෙන් ඒ මහතා සමඟ   සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


(ප්‍රදීපා වීරසේකර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top