Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 09, 2017

'සයිටම් වෙඩිල්ල ආණ්ඩුවේ වැඩක් දැයි සැකයි' -ජවිපෙ

සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකොට සත්‍ය හෙළිදරව් නොකරන තාක් කල් මෙම සිදුවීමට ආණ්ඩුව සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුවීම වැළැක්වීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව කියා සිටියේය.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු රජයේ අමාත්‍යවරුන් මාධ්‍යයට කරන ප්‍රකාශ මගින් ඇඟවීමට උත්සාහ දරන්නේ වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස සයිටම් ආයතනයට එරෙහිව කටයුතු කරන ව්‍යාපාර සහ සංවිධාන සිටිය හැකි බවට බවද ඔහු චෝදනා කළේය.


පොලිසියේ දක්ෂකම


ආණ්ඩුවේ හැසිරීමත්, සයිටම් ආයතනයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බලවේගවල ප්‍රකාශනත් සලකා බැලූ කල වෙඩි තැබීම  සයිටම් ආයතනයට එරෙහි දේශපාලන ව්‍යාපාර, සිසු ව්‍යාපාර, බහුජන ව්‍යාපාර  වෙත පැටවීම සදහා දරන උත්සාහයක් ඇති බවට ද මන්ත්‍රීවරයා  සදහන් කළේය.

“අපේ පොලීසිය ඕනෑම අපරාධයක් හොයාගන්න පුළුවන් තරම් දක්‍ෂ පොලීසියක්. පොලීසියට සොයාගත නොහැකි සිදුවීම් පිටුපස ආණ්ඩුව හිටියා. ඒ නිසා තමයි එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය වැනි ක්‍රියාවල වග උත්තරකරුවන් සොයාගැනීමට නොහැකි වී තිබෙන්නේ. එයින් පැහැදිලි වෙනවා ආණ්ඩුවේ රැකවරණය එම සිදුවීම්වලට තිබෙන බව. ඒ නිසා මෙම වෙඩි තැබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආණ්ඩුව විසින් සිදුකළ යුතු බව අපි අවධාරණය කරනවා,” මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top