15976 BM WEB BANNER 01
Feb 09, 2017

අගමැති කනස්සල්ලෙන් ?

සහල් මිල ඉහළ යාම නිසා ජනතාවට මුහුණපෑමට සිදුව ඇති අපහසුතා පිළිබඳව රජයක් ලෙස කණගාටුව පළ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ  (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසිය.

රත්නායක මහතා මෙහිදී කියා සිටියේ සහල් මිල පාලනයට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.

ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉදිරි දෙසතිය තුළ සහල් මිල අඩු කිරීමට හැකිවනු ඇති බවයි.

සහල් මිල පාලන ගැසට් නිවේදනය එයි

සහල් පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.

rice new gazzate

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top