Feb 09, 2017

ෆොනී නිදහස් දා ඉදිරි අසුන් ඉල්ලා ගෝරිදාලා (ඡායා) Featured

මෙවර ගාලූ මුවදොර පැවැති ජාතික නිදහස් උත්සවයේ අසුන් පැනවීමේදී බරපතල ප්‍රශ්නයකට මුහුණදීමට ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට සිදුවූ බව වාර්තා වේ.

ඒ, ඉදිරිපෙළ අසුනක් නොදෙන්නේ නම් නිදහස් දින උත්සවය වර්ජනය කරන බවට ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ගෙන් එල්ලවූ බලපෑමක් හේතුවෙනි.

රාජ්‍ය උත්සව වලදී අසුන් පැනවීමේ වගකීම ස්වදේශ අමත්‍යංශ වෙත පැවරී ඇති අතර, ඒ සඳහා අනුගමනය කල යුතු විදිමත් චර්යා මාලාවක් හා සම්ප්‍රදායක් පවතී.

එහිදී අසුන් පනවනු ලබන්නේ සම්මත රාජ්‍ය ධුරාවලියේ අනුපිළිවෙළ (protacol ) අනුවය.

ජනාධිපති, අගමැති, කතානායක, විපක්ෂ නායක, අගවිනිසුරු හා ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යවරුන් නම් කර ඇති එම ධුරාවලිය අනුව ඇමති සරත් ෆොන්සේකා මහතා 52 දෙවැනි ස්ථානයට නම්කර තිබී ඇති අතර ඔහුට ගාලූ මුවදොර සකස් කර තිබු පිථිකාවේ පසු පෙළ අසුනක් වෙන් කර තිබි ඇත.

ජනාධිපතිට පැමිණිල්ලක් :

කෙසේ වෙතත් නිදහස් දිනයට පෙර දින එබව දැනගත් ඇමති ෆොන්සේකා මහතා තමාට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ජනාධිපතිවරයාට පැමිණිලි කර තමාට හා බිරිඳ අනෝමා ෆොන්සේකාට මුල්පෙළ අසුනක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

රාජ්‍ය ධුරාවලිය තුල අමාත්‍යවරුන්ට වඩා ඉදිරියෙන් ෆීල්ඩ් මාර්ෂල් තනතුර ස්ථාන ගත කල යුතු බව ෆොන්සේකා මහතාගේ ස්ථාවරය වී ඇත.

අනතුරුව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් ඇමති සරත් ෆොන්සේකා මහතාට හා අනෝමා ෆොන්සේකා මහත්මියට අගමැතිවරයා ආසන්නයේම අසුන් වෙන්කිරීමට වජිර අබේවර්ධන ඇමතිවරයාට සිදුව තිබේ.

නිදහස් දිනට පෙරදා එසේ වෙන් කල අසුන් යම් හෙයකින් වෙනස් කරන්නේ දැයි සොයා බැලීම සඳහා ඇමති ෆොන්සේකා මහතාගේ ආරක්ෂක නිලධාරියකු පසුදින උත්සවය ආරම්භවන තෙක්ම රඳවා සිට ඇත.

මීට පෙරත් ඝෝරනාඩු කරලා :

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ලේ හා පොළොන්නරුවේ පැවති 'නිල මෙහෙවර' රාජ්‍ය උත්සව වල ජනාධිපතිවරයා අසලම අසුනක් වෙන්කර දෙන ලෙස ඇමති ෆොන්සේකා මහතා ඉල්ලීමක් කර තිබු අතර එය ඉටු නොවීම හේතුවෙන් ඔහු එම උත්සව වර්ජනය කර තිබිණ.

අපවත්වු පුජ්‍ය සොභිත හිමියන්ගේ ආදහන පුජොත්සවයෙදී ද ෆොන්සේකා මහතා මෙලෙස ඉදිරි පෙළ අසුනක් අවශ්‍ය බව සදහන් කරමින් ඝෝරනාඩු කර තිබිණ.

Indipendantday 1

Indipendantday 2

Indipendantday 3

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top