nsb

Feb 09, 2017

'අසුබ ලකුණක්' -කතානායක පුටුව පෙරළේ (වීඩියෝ)

අද පස්වරුවේ කතානායක අසුනේ මුලාසනාරූඪව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා කතානායක අසුනෙන් නැගිටීමට උත්සහ කළ අවස්ථාවක එම අසුන බිමට පෙරළි ඇත.

මන්ත්‍රීවරයා ඒ මොහොත වන විට සම්පුර්ණයෙන්ම ආසනයෙන් ඉවත් වී සිටි අතර මූලාසනය භාරගැනීම සඳහා පැමිණි ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා කතානායක පුටුව යළි එසවීමෙන් පසුව එහි අසුන් ගත්තේය.

ඉන් පසුව සභාව ආරම්භ වනවාත් සමඟ නැගී සිටි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා “ඉතිහාසයේ ප්‍රථම වතාවටයි මේ පෙරළුණේ. ඉතාම අසුබ ලකුණක්.“ බව සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top