15976 BM WEB BANNER 01
Feb 10, 2017

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නඩු පැවරීමට යයි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවක්‌ නිකුත්වී ඇති බවත්, එහි සඳහන් අක්‍රමිකතා ඔහු කර තිබේ නම් ඔහුට එරෙහිව නඩු පවරන බවත් මුදල් රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (09දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ බැඳුම්කර වංචාවට අමතරව බවද මුදල් රාජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය.

අදාළ විගණන වාර්තාවේ මුදල් අක්‍රමිකතා පිළිබඳ සිද්ධීන් 163ක් ඇතුළත් බවත්, එමගින් හිටපු මහබැංකු අධිපතිවරයා රජයට සිදුකර ඇති පාඩුව රුපියල් හය කෝටි හැට දෙලක්ෂයකට අධික බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ නිසා මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාවේ සඳහන් කරුණු ගැන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වහාම රටට පිළිතුරු දියයුතු බවත් ඇමති ලක්‌ෂ්මන් යාපා කීවේය.

බරපතළ කරුණු කීපයක්‌ :

අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නම සහ ඡායාරූපය සහිතව ඔහුගේ ප්‍රකාශයක්‌ යයි කියමින් පුවත්පත්වල පළකර තිබූ නිවේදනයෙන් එම අභ්‍යන්තර විගණන වාර්තාවේ සඳහන් කර තිබූ අක්‍රමිකතාවල සත්‍ය අසත්‍යතාව ඔහු සඳහන් කර නොතිබූ බවද ඇමතිවරයා කීවේය.

''මේ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාවේ සඳහන්ව ඇති කරුණු අතුරින් බරපතළ කරුණු කීපයක්‌ම තියෙනවා. එකම දිනයක හෝටල් දෙකක සිටීම, තම කෙඩිට්‌ කාඩ්පත සීමාවකින් තොරව භාවිත කර තිබීම, එම ක්‍රෙඩිට්‌ කාඩ්පත පෞද්ගලික හේතූන් උඩ භාවිත කර තිබීම යන කාරණා බරපතළ එවා. ඒ නිසා ඒවා කළාද නැද්ද කියා පිළිතුරු දෙන ලෙස තමා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට කියා සිටින බවත් මුදල් රාජ්‍ය ඇමතිවරයා කීවේය.

තමාට අයිතියක්‌ නැති දේ සිදුකර තිබේ නම් ඔහුගේ සද්භාවය, විනිවිදභාවය ගැන පැහැදිලි සහතිකයක්‌ ලැබෙන බවද, ඔහු මහ බැංකුවේ අභ්‍යන්තර විගණනය ගැන මාධ්‍යයට නිවේදනයක්‌ නිකුත් කළේ අත්සනක්‌ සහිතව වගකීමක්‌ ඇතිව දැයි තමා හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවද ඇමති ලක්‍ෂ්මන් යාපා කීවේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top