Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 10, 2017

ශ්‍රීපතිගේ ගුණසැමරේ (ඡායාරූප)

හිටපු අමාත්‍ය නැසීගිය ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ නව වන ගුණානුස්මරණය ඊයේ (09) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.

එම අවස්ථාව සඳහා ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ හා දරුවන් සිව් දෙනාද පවුලේ ඥාතීන් හා හිතවතුන් පිරිසක් ද එක්ව සිටියේය.

එහි දී  ශ්‍රීපති සූරියආරච්චි මහතා වෙනුවෙන් පුෂ්පෝපහාරයක් ද සිදු කෙරින.

 ශ්‍රීපති සූරියආරච්චි මහතා සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වය ආරම්භ කල එම පක්ෂයේ හිටපු නායක අමාත්‍ය මංගල සමරවීර මහතා  මාලදිවයින් - ශ්‍රී ලංකා ඒකාබද්ධතා කොමිසම් සභාවේ තෙවන සැසිවාරය සඳහා මාලදිවයිනේ නිල සංචාරයකට ගොස් සිටින බැවින් මෙම අවස්ථාවට එක්වීමට නොහැකි බව දැනුම්දී තිබිණ.

එසේ වුවද අමාත්‍යවරයා නියෝජනය කරමින් ඔහුගේ සොයුරිය වන ජයන්ති ගුණවර්ධන මහත්මිය මෙම අවස්ථාවට එක්ව සිටියාය.


සැකකටයුතු මරණයක් ?


වසර 1962 සැප්තැම්බර් 08 වන දින උපන් සූරියආරච්චි මහතා 2008 පෙබරවාරි 08 වන දින රිය අනතුරකින් මිය ගියේය.

නීතිඥවරයකු වූ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසද කටයුතු කර ඇත.

2005 ජනාධිපතිවරණයෙ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා සුවිශාල කාර්යභාරයක් කළ ඒ මහතා, එම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හෙබවූ අතර මාස කිහිපයකට පසු ඔහුට එම ඇමැති ධුරයෙන් ඉවත් වන්නට සිදු විය.

පසුව  මංගල සමරවීර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වය පිහිටුවීමට ක්‍රියා කළ ඒ මහතා, එහි ජාතික සංවිධායක ලෙස ද කටයුතු කළේය.

 ශ්‍රීපති සූරියආරච්චි මහතා මිය ගිය මෝටර් රථ අනතුර සැක සහිත බවට ද අදහස් පළ වූ අතර  අනතුරෙන් ඒ මහතා සමඟ   සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top