nsb

Feb 10, 2017

ටිකිරිගෙ සැලසුම් ගිණිගනන් කියා පොලිසියට පැමිණිල්ලක්

නිවාස සැලැසුමක් ඇඳීමට අසීමිත මිලක් ගෙන නිවස සෑදීමට පටන්ගත් පසු එය අත්හැර ගිය බවට වන අපූරු පැමිණිල්ලක් ගුවන් නියමුවකු විසින් මිරිහාන පොලිසියට කර තිබේ.

ගුවන් නියමුවා තමාට ලක්ෂ 200ක පමණ නිවසක් ඇඳ දෙන ලෙස ඇගෙන් ඉල්ලීමක් කළ පසු ඔහුට ඇඳදී ඇත්තේ ලක්ෂ 350ක පමණ නිවාස සැලැසුමක් බව පැවසේ.

නාවල් පාසල් මාවතේ පදිංචි ටිකිරි බිබිලේ නැමැති සැලැසුම් ශිල්පිනියක් විසින් මේ අවුල කර තිබේ.

ඇයට අදාළ නිවාසය ඇඳීමට 2013 - 2014 කාලයේදී රුපියල් ලක්ෂ 13ක් ගුවන් නියමුවා ලබාදී ඇත.

පසුව ගුවන් නියමුවා ඉංජිනේරුවකුට ලබාදීමට තවත් රුපියල් 450,000ක්ද දී තිබේ.

නිවාස සැලැසුම් ශිල්පිනිය ඒ මුදලින් ඉංජිනේරුවාට දී ඇත්තේ රුපියල් 45,000 කි.

ගුවන් නියමුවා පොලිසියේ පැමිණිල්ලක් දැමීමෙන් පසුව සැලැසුම් ශිල්පිනිය එසේ සඟවා ගැනීමට උත්සාහ දැරූ මුදලින් කොටසක් ලබාදී ඇති බවද මේ අතර වාර්තා වේ.

සාමාන්‍යයෙන් නිවාසයක් ඇඳීමට සැලැසුම් ශිල්පියකු අයකරනු ලබන්නේ නිවසෙහි සමස්ථ වටිනාගමින් 4%ක පමණ මුදලක් වුවද මේ සැලැසුම් ශිල්පිනිය එම නිවසේ සමස්ථ වටිනාකමින් 6.5%ක් අයකර ඇති බව පැවසේ.

චෝදනා එල්ලව ඇති සැලැසුම් ශිල්පිනිය සේනක බිබිලේ මහතාගේ ඥාතියෙක් බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top