nsb

Feb 10, 2017

ෆයිසර්ගේ කේලමට අශෝක පීරිස් දොට්ට ! Featured

ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයේ නිසි බලධාරී වශයෙන් කටයුතු කළ අශෝක පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ජනාධිපතිවරයා විසින් එම තනතුරට ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ධුරයෙන් පසුගියදා ඉවත් කරන ලද මෛත්‍රී ගුණරත්න මහතා පත් කර තිබේ.

පෙබරවාරි 07 දින සහිතව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් අශෝක පීරිස් මහතා වෙත යවන ලිපියක එම ඉවත් කිරීම හා පත් කිරීම සඳහන් වන අතර එහි පිටපත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හා වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර ඇත.

ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයට සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතු බවට ආණ්ඩුව තීරණය කර තිබූ අතර එය සිදු නොකර අශෝක පීරිස් මහතා ඉවත් කර ඒ සඳහා මෛත්‍රී ගුණරත්න මහතා පත් කර ඇත්තේ, සීමා නිර්ණය අබියාචනා කටයුතුවල දී එම වාර්තාව ප්‍රමාද කිරීම සඳහා සිමා නිර්ණය අභියාචනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අශෝක පීරිස් මහතා සහයෝගය නොදැක්වූ බවට පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ජනාධිපතිවරයාට කේලම් කීම නිසා බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අගමැති අවුලක :

කතිකා කරගත් පරිදි ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයතනයට සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීම වෙනුවට රනිල් විරෝධියකු වන මෛත්‍රී ගුණරත්න මහතා පත් කිරීම නිසා අග්‍රාමාත්‍යවරයා අවුලකට පත් වී ඇති බව 'රාවය' පුවත්පත වාර්තා කරයි.

'ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ' සංවිධානයේ කැඳවුම්කරු වන අශෝක පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට ආණ්ඩු පක්ෂය විසින් කෙරෙන බලපෑම් පිළිබඳ පසුගියදා ප්‍රසිද්ධියේ විවේචන කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top