15976 BM WEB BANNER 01
Feb 12, 2017

ජනාධිපති කාර්යාලයට වාහන ප්‍රශ්නයක් Featured

ජනාධිපති කාර්යාලයේ තිබූ විශේෂ ප්‍රභූ රථ (වෙඩි නොවදින) ඇතුළු වාහන අංඩංගු ලේඛනයක් නඩත්තු නොවීමෙන් ප්‍රශ්නයක් ඇතිව ඇති බව වාර්තා වේ.

වසර 2015 ජනධිපතිවරණයෙන් පසුව සිට මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්ව වසර දෙකක් ගතවුවද ජනාධිපති කාර්යාලයට අයත්වූ මෝටර් රථ තොගයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇති බව පැවසේ.

රාජපක්ෂ ජනපතිවරයා සිටි කාලයේ භාවිතා කළ මෝටර් රථ 69ක් යුදහමුදාවට බාරදී ඇති බවට ජනපති ලේකම් කාර්යාලයේ සටහන් ඇතත් එවැනි සම්ප්‍රදායක් නොමැති බව පවසමින් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂණ නොකොට කල්මරමින් සිටින බව පැවසේ.

මේ රථ ශාලාව අවි ගබඩාවේ ගාල්කර තිබූ බවට සැකයක් ඇති අතර එම සිද්ධියෙන් ඒවා සියල්ලක්ම විනාශයට පත්ව තිබේ.

මේ අතර, ජනාධිපති කාර්යාලයේ අයිතිකරුවන් නොමැතිව ඇති මෝටර් රථවල හිමිකරුවන්ද වසර දෙකක කාලයක සිට යහපාලනය හරහා ජනාධිපති කාර්යාලයට පත්වූ නිලධාරීන්ට සොයාගැනීමට නොහැකිවී ඇති බව පැවසේ.

හිමිකරුවන් නැති ඇතැම් මෝටර් රථ විවිධ ව්‍යාපෘති සඳහා තීරුබදු රහිතව ගෙන්වූ ඒවා බවද පැවසේ.

මූලාශ්‍රය - අපේරට

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top