nsb

Feb 12, 2017

'විමල්ගේ සයිටම් කතාව හොදයි' - රාජිත

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී 'සයිටම්' ආයතනය පිළිබදව අගනා කරුණූ දැක්වීමක් සිදුකල බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ප්‍රශ්ණය දෙස සංවේදීව බලන ලෙස විමල් වීරවංශ මන්ත්‍රිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවත්, ඒ අනුව මෙම ප්‍රශ්ණය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් සමග සාකච්ජා කර නිවැරදි තීන්දුවන් ගනු ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍යවරුන් පිරිසක් සමග පැවැති සාකචිඡාවක දී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

සයිටම්”ආයතනය සමග කිසිදු පුද්ගලික ගණූදෙනුවක් නොමැති බව ද දොස්තර රාජිත සේනාරත්න මහතා එහිදී අවධාරණය කර සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී "සයිටම්” ආයතනයේ ප්‍රධානියා හිටපු ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ බවත්, 'සයිටම්” ආයතනය පිළිබදව තමන්ට ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණක් පිළිබද ප්‍රශ්ණයක් පමණක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බොරදියේ මාළු බෑම :

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

"සියළුම විශ්වවිද්‍යාලවල වෛද්‍ය පිඨ පීඨාධිපතිවරුන් මෙම ප්‍රශ්ණය නිරාකරණය කරන ආකාරය පිළිබදව යෝජනාවලියක් මා වෙත ඉදිරිපත් කර තිඛෙනවා. එම පිඨාධිපතිවරුන් සමග ලබන බදාදා (15) මම සාකචිඡාවක් පවත්වනවා.

ශිෂ්‍ය සංවිධාන සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතා පවත්වනවා. ශිෂ්‍ය මානසිකත්වය පිළබදව මට ප්‍රශ්ණයක් නැහැ.

නමුත් මනෝරාජික සිතුවිලිවල එළඹ ගෙන අනෙකුත් දෙශපාලන පක්ෂ සිදු කරන ක්‍රියාවලිය පිළිබදව ගැටළු තිඛෙනවා. මම එම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ බොරදියේ මාළු බෑමෙන් වළකින ලෙසයි.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.

'සයිටම්' වවාගෙන කන්න එපා'

මේ අතර කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවක දි අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා, මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා ඇතැමුන් තවදුරටත් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ දරණ බවට චෝදනා කළේය.

"සයිටම් කියන්නෙ විසඳන්න ඔන ප්‍රශ්නයක් මිසක්..වවාගෙන කන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. සයිටම් විරෝධය හරහා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න ඇතැම් පිරිස් උත්සහා ගන්නවා." යයි එහිදී ඔහු සඳහන් කළේය.

මෙම ආයතනය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගත යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top