Feb 12, 2017

දිවුලපිටිය පස් කැපීමට භූවිද්‍යා කාර්යාංශය වගකිව යුතුයි - ජනපති

මේ දිනවල මහත් ආන්දෝලනයකටතුඩුදුන් දිවුලපිටිය පස් කැපීමේ සිද්ධියට අදාළව ප්‍රධාන වැරදිකරුවා තමා යටතේ පවතින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කුරුණෑගල දී ප්‍රකාශ කර කරයි.

ඒ අනුව එයට සම්බන්ධ නිලධාරීන් සියල්ලන්ගේම වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන බවද ජනපතිවරයා එහිදී කියා සිටියේය.

අවුරුදු විස්සක පමණ කාලයක සිට එම ප්‍රදේශයේ පස්කපා ඇති බවත් එම පස් කියුබ් 60000ක් ටිපර් යොදාගනිමින් පාරිසරික වශයෙන් වැදගත් කලාපයක් වන මුතුරාජවෙල ගොඩ කිරීම සඳහා යොදාගෙන ඇති බවත් ජනපතිවරයා මෙහිදී අණාවරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top