15976 BM WEB BANNER 01
Feb 13, 2017

අගමැති ඕස්ට්‍රේලියා සංචාරය අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාව බලා අද (13) අලූයම පිටත්ව ගියේය. ඒ, සිව්දින නිල සංචාරයක් සඳහාය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හැත්තෑ වසරක් පිරීම ද මේ සංචාරයේ එක් නිමිත්තකි.


ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු අමාත්‍යවරුන්  සමඟ මෙල්බර්න් සහ කැන්බරා නගරයන්හි දී පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා ගණනාවකට වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා තවදුරටත් තහවුරු කෙරෙන ගිවිසුම්වලට ද මෙම සංචාරයේදී අත්සන් තබනු ඇත.

අගමැතිවරයාගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවිකා අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද එම සංචාරයට එක්ව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top