nsb

Feb 13, 2017

සුමිත් අබේගුණවර්ධනගේ ෆ්ලයි සදර්න් අනතුරේ

සිවිල් ගුවන්සේවා අධිකාරියට අළුතින් බඳවාගත් නිලධාරීන් 26 දෙනකුට පුහුණුවක් ලබාදීමට එහි පාඨමාලා අධ්‍යක්ෂවරයකු (Course Director) ලෙස බඳවාගෙන ඇති අය තවත් රැකියාවක් කරන්නකු බව වාර්තා වේ.

මෙසේ බඳවාගෙන ඇත්තේ ඩන්කන් ජයවර්ධන නැමැත්තෙකු වන අතර ඔහුව වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා මෙසේ බඳවාගෙන තිබේ.

අදාළ කොන්ත්‍රාත්තුවට අනුව ඔහුට මසකට රුපියල් 120,000ක වැටුපක් ලබාදීමට නියමිතය.

ඔහු ෆ්ලයි සදර්න් නම් පුද්ගලික ආයතනයේ ගුවන් සුරක්ෂිතතා නිලධාරී (Safety Manager) ලෙස කටයුතු කරන්නෙකි.

මේ පුහුණුව මත්තලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 60ක් පමණ වැය කිරීමට සැරසෙන බවද පැවසේ.

ෆ්ලයි සදර්න් ද අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීමට මෑතකදී සිවිල් ගුවන්සේවා අධිකාරියේ අනුමැතිය ලබාගත් ආයතනකි.

සාමාන්‍ය සිවිල් ගුවන්සේවා සම්ප්‍රධායට අනුව අනුමත ගුවන් සමාගමක සුරක්ෂිතතා නිලධාරී (Safety Manager) තනතුර පූර්ණ කාලීන (Full Time) රැකියාවක් සේ සැලැකෙන බව ගුවන් කේෂත්‍රයේ ප්‍රවීනයෝ කියති.

ඒ ගුවන්යානයක ආරක්ෂාව මෙන්ම නිරුපද්‍රිතතාවය ඉතා ඉහළින්ම සැලකිල්ලට ගැනෙන නිසාය.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ හිතුමතේට සියලු නීති රීති උල්ලංගනය කරමින් මොහු බඳවාගෙන ඇත.

සතියකට දින 03ක් පාඨමාලා අධ්‍යක්ෂක (Course Director) ලෙස මත්තල පුහුණු සැසි පවත්වන ඩන්කන් තම ප්‍රධාන රාජකාරිය වන සුරක්ෂිතතා නිලධාරී (Safety Manager) රැකියාව කරන්නේ සතියකට දින 02ක් බවද පැවසේ.

මේ කාරනා හේතුවෙන් සුමිත් අබේගුණවර්ධන මහතාට අයත් ෆ්ලයි සදර්න් ගුවන් සමාගමද අනතුරේ වැටී ඇති බව ගුවන් කේෂත්‍රයේ ප්‍රවීනයෝ කියති.

1 Fly Southern L Safety manager

2 CAA Board letter

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top