15976 BM WEB BANNER 01
Feb 13, 2017

'ඇමතිවරුන්ට විනය උගන්නන්න' - රාජිත, අගමැතිට කියයි

යහපාලන රජයේ අමාත්‍යවරුන්ගේ විනය පිළිබදව ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරමිභ කරන ලෙස තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපියල් ලක්ෂ 400 ක් වැය කරමින් ඉදිකළ බේරුවල කාලවිලකන්ද නව පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැකු වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.

" මම අද (12) හවස ගරු අග්‍රාමාත්‍යතුමා සමග විශේෂ සාකචිඡාවක් පැවැත්වූවා. අග්‍රාමාත්‍යතුමාගේ ඕස්ට්‍රේලියා සංචාරය ආරම්භ කිරිමට පෙරයි මෙම සාකචිඡාව පැවැත්වුනේ. එහිදී අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා පිහිට වූ යහපාලන රජය ආරක්ෂා කර ගැනීම පිළිබදව සාකචිඡා කළා.

අපි පැවැති ක්‍රමය තමයි වෙනස් කළේ. එම නිසා යහපාලන රජය තුල විනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ බව අමාත්‍යවරුන්ට අවබෝධ කර දිය යුතුයි.

ප්‍රචණ්ඩත්වය වපුරන වැඩ, නීති විරෝධී වැඩ කිරිමට ඉඩදෙන්න බැහැ. ජනාධිපතිවරයා බලතල පාවිචිචි කරන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයාත් එහෙමයි. බලය පාවිචිචි කරන්නේ ජනතා සේවයට පමණයි.

වර්තමානයේ පාරට බහින සංස්කෘතියක් බිහිවෙලා තිඛෙනවා. ඇතැම් පුද්ගලයින් ලැබී ඇති නිදහස අනිසි ලෙස භාවිතා කරනවා. අහිංසක නායකයෙක් රට පාලනය කරනකොට ඔහු සමග ගැටෙන්න බලනවා. පාරට බැසීමේ සංස්කෘතියට වඩා රට දියුණු කිරී‍ෙමි සංස්කෘතියට මුල්තැන දිය යුතුයි. නොසන්ඩාල ලෙස හැසිරෙන්න ඉඩදෙන්න බැහැ.”

02

03

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top