nsb

Feb 13, 2017

අගමැති රනිල්ට ආචාර්ය උපාධියක් !

අග්‍රාමාත්‍ය රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වික්ටෝරියා හි DEAKIN University වෙතින් ආචාර්ය උපාධියක් පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

එම ආචාර්ය උපාධිය අග්‍රාමාත්‍යවරයා විසින් සකස් කරන ලද අධ්‍යයන පත්‍රිකාවක් සඳහා DEAKIN සරසවිය විසින් ඔහු වෙත ප්‍රධානය කිරීමට නියමිත වේ.

මෙම ආචාර්ය උපාධිය සඳහා සකස් කෙරුණු අධ්‍යයන පත්‍රිකාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාස 6 කාලය තුල දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

බොහෝ දිනවල මධ්‍යම රාත්‍රිය ඉක්මවන තෙක් අග්‍රාමාත්‍යවරයා අධ්‍යයන කටයුතුවල නිරත වන බව ඔහුගේ ආරක්ෂක අංශද සාක්ෂි දරයි.

DEAKIN සරසවිය ලෝකය පුරා සරසවි ශ්‍රේණි ගත කිරීම්වලදීද ඉහලින්ම පවතින සරසවියක් වේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු එවන් වූ සරසවියකින් ආචාර්ය උපාධියකින් පිදුම්ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ.

අගමැතිට ඉහල පිළිගැනීමක් :

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාව බලා අද (13) අලූයම පිටත්ව ගියේය. ඒ, සිව්දින නිල සංචාරයක් සඳහාය.PHOTO 2

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හැත්තෑ වසරක් පිරීම ද මේ සංචාරයේ එක් නිමිත්තකි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෙලබන් ගුවන් තොටුපළේදි වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ධූත පිරිස පිළිගත් බවයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ‍්‍රයිස් හට්චසන්ද සහභාගි වී ඇත. අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ නිළ කටයුතු හෙටින් (14) ආරම්භ වේ.

B37A0827

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top