Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 14, 2017

බස් ඇතුළෙ වෙන හිරිහැර වලට වැට Featured

පොදු ප්‍රවාහන සේවාවන් තුළදී  කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ කුමන හෝ ආකාරයකින් අතවරයකට ලක්‌වන බව නිරන්තරයෙන් වාර්තා වේ. මේ තත්වය වැළැක්වීම සඳහා නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

මාර්තු මස 8 වැනි දිනට යෙදී ඇති ලෝක කාන්තා දිනයට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පොලිසිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියා කරයි.

පවුල හා කාන්තා සමාජය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන අතර එවැනි අතවර සිද්ධීන් සිදුවන්නේ නම් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරන ලෙසද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

බලපත්‍ර නැතිව බස් 25 ක් දුවනවා

කොළඹ සිට යාපනයට බලපත්‍ර නොමැති බස් රථ 20 ක් ධාවනය වන බවත් දක්ෂිණ අධිවේගි මාර්ගයේ බලපත්‍ර නොමැතිව බස් රථ 05 ක් ධාවනය වන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර සඳහන් කළේ, එම බස් රථ රාත්‍රී කාලයට ධාවනය වන බව ය.

මෙම බස් රථ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමග පරික්ෂා කිරිම් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කර සිටියි.

බලපත්‍ර නොමැතිව ධාවනය වන බස් රථයක් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ දෙකක් දක්වා දඩ මුදලක් නියම කළ හැකි ලෙස ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top