Feb 15, 2017

RTI පනත ගැන කාලීන විද්වත් සංවාදයක්

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත (RTI) පිළිබඳ කාලීන විද්වත් සංවාදයක් සඳහා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන ඇරයුම් කර සිටියි.

මෙම වැඩසටහන “ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය යථාර්ථයක් කිරීම : රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ගේ භූමිකාව” යන මාතෘකාව යටතේ පෙබරවාරි 22දා ප.ව. 4.00 - ප.ව. 6.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙහිදී ආරම්භ සටහන තැබීමට එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික සම්බන්ධීකාරක හා නේවාසික නියෝජිත - ඌනා මැකෝලි මහත්මිය එක්වන අතර, ප්‍රධාන දේශනය සඳහා එක්වන්නේ ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු - වෙන්කටේෂ් නායක් මහතා ය.

මෙහිදී පැවැත්වෙන විද්වත් මණ්ඩල සාකච්ඡාවට පහත සඳහන් විද්වතුන් එක්වේ :
  • තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් - ආචාර්ය රංග කලන්සූරිය
  • සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ මහා ලේකම් - ආචාර්ය වින්යා ආරියරත්න
  • ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති - ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම්
  • ජේ‍යෂ්ට මාධ්‍යවේදිනී - නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති

මෙම අවස්ථාවට සහභාගී වීමට පෙබරවාරි 17ට පෙර අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය යුතු අතර, wwww.lk.undp පිවිස හෝ 0777 733 360 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ සාරිකා වරුසවිතාරණ මිය හා සම්බන්ධ වී ලියාපදිංචි විය හැක.
2017 02 14 PHOTO 00000088
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top