nsb

Feb 15, 2017

ෆොනීට නීතිපති පෙනී හිටියැයි අධිකරණයේදී හෙළි වෙයි !

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිරිනැමීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (15දා) යළි සලකා බැලිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය දැනුම් දී ඇත්තේ ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීම පිළිබඳ විරෝධය පල කරන බවයි.

ඊට ප‍්‍රති විරෝධතා ඇත්නම් ගොනු කරන ලෙස එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දී ඇත.

පෙත්සම් විභාගය ලබන මැයි මස 17 වනදා නැවත කැඳවීමට  විනිසුරුවරුන් තීන්දුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත්තේ නිතිඥ අජිත් ප‍්‍රසන්න මහතා විසිනි.

ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පිරිනැමීම හේතුවෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ඔහු පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top