nsb

Feb 15, 2017

මාධ්‍ය ඇමති හා ලේකම් මත ගැටුමක

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා ඊයේ (14) කළ බව කියන ප්‍රකාශයක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (15) ප්‍රතික්ෂේප කළේය.

ඒ, කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ලියවිල්ලකට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වන තමන් වෙනුවට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් තබා ඇතැයිද එහෙත් ඒ පිළිබඳ කිසිවක් තමන් නොදන්නා බවද නිමල් බෝපගේ මහතා ප්‍රකාශ කළේ යැයි මාධ්‍යවේදීන් මෙහිදී කියා සිටියේය.

එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවසුවේ ලේකම්වරයාගේ අනු අත්සන් නොමැතිව කිසිඳු ලියවිල්ලක් තමන් නිකුත් නොකරන බවයි.

අමාත්‍යවරයා සහ අමාත්‍යංශයේ ලේකම්වරයා පරස්පර මත දෙකක් ඉදිරිපත් කරන විට පිළිගත යුත්තේ කුමන මතයදැයි ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් මාධ්‍ය හමුවට එක්ව සිටි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, ඇමතිවරයයි ලේකම්වරයායි ප්‍රකාශ දෙකක් කළවිට අමාත්‍යවරයාගේ ප්‍රකාශය වලංගු වන බවයි.

සමාජ ජාල වෙබ් අඩවි නියාමනය කිරීමට හෝ නතර කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවද මෙම මාධ්‍ය හමුවේදී ඇමතිවරු අවධාරණය කර සිටියේය.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top