nsb

Feb 15, 2017

පාලන මිලට සහල් නැහැ ?

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සහල් මිල සම්බන්ධයෙන් පවතින තත්වය පිළිබඳව කල විමසීමකදී ඇතැම් ප්‍රදේශවල සහල් වෙළඳපොලේ හිඟයක් පැවතියත් බොහෝ සුපිරි වෙළඳසැල්වල සහල් පාලන මිලට අලෙවි කෙරෙන බව දැනගැනීමට ලැබිණ.

එහෙත් කඩවීදියේ තත්වය එය නොවන බව කොළඹ පිටකොටුවේ සහල් වෙළඳපොලේදී සහ හලාවතදී හමුවුණු මේ වෙළඳුන් සහ පාරිභෝගිකයන් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ පිණිස මෙන්ම ළඟ එන නියඟයට මුහුණදීම පිණිස ආණ්ඩුව සියලු සැලසුම් සකස්කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මීට ඉහතදී 'බිබීසී සංදේශයට'ප්‍රකාශ කර තිබිණ.

ජනාධිපතිගෙන් උපදෙස් :

ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

වෙළඳපොලේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවත් සඳුදා දහවල් කොළඹ ජනාධිපති කාර්යාලයේදී සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් හමුවුණු අවස්ථාවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේය.

සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව වෙත ලබා දෙන මෙන් ජනාධිපතිවරයා එහිදී වෙළඳුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක් නියම කරන මෙන් නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙටිට්‍රික් ටොන් ලක්ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට උපදෙස් දී තිබේ.

(මූලාශ්‍රය - බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top