nsb

Feb 16, 2017

ඉරිදට කොළඹ කෑම නෑ Featured

රටේ පවතින සහල් ගැටලූවට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් ලබන 19 වෙනිදා (ඉරිදා) කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ආපනශාලා වසා දමමින් වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් සඳහන් කළේ ඉල්ලීම් 05ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

රාජ්‍ය ආයතන, සරසවි සහ වෛද්‍ය පීඨවල ඇති ආපනශාලා සදහා සහල් සහනාධාරයක් ලබාදෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරිණ.

සිය ඉල්ලීම් සඳහා බලධාරීන් කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් දිවයින පුරා ආපනශාලා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද හෙතෙම සදහන් කර සිටියි.

සබැඳි පුවත්

පාලන මිලට සහල් නැහැ ?

වෙළඳුන් සහල් විකිණීම නවතා විරෝධයක !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top