15976 BM WEB BANNER 01
Feb 16, 2017

මහනුවරදී කසල පොහොර ‍කරන්න ලෑස්තියි

මෙරට සමාගම් කිහිපයක් හා එක්ව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක  කිරීමට ජර්මන් සමාගමක් එකඟ වී ඇත.

මෙම ව්‍යාපෘතිය ආහාර භෝග නිෂ්පාදනයේදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම දිරි ගැන්වීම, එළවළු සහ පළතුරු කල් තබා ගැනීම, කසළ කළමනාකරණය සහ විකල්ප බල ශක්ති ජනනය කිරීම යන අභියෝගයන්ට විසදුම් ලබා දෙන්නකි

මේ යටතේ මහනුවර නගර සභාවේ කසල කළමනාකරණ අංගනය ආශ්‍රිතව කසල මගින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ඒකකයක් පිහිටු වීමට ද අපේක්ෂිතය.

පළමු වර්ෂයේදී ඉන් නිපදවන කාබනික පොහොර සීමාසහිත ලංකා පොහොර සමාගමට නොමිලේ සැපයෙනු ඇත.

මෙමගින් පුනර්ජනනීය විදුලි බලය මෙගා වොට් 6-10 අතර ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත අතර ගබඩා කිහිපයක් ඉදිකිරීම මගින් අපතේ යන එළවළු සහ පළතුරු ප්‍රමාණය අවම කර ගැනීමට අපේක්ෂා කරයි.

ආර්ථික කළමනාකරණය පිළිබද අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top