nsb

Feb 17, 2017

සිංගප්පුරුවේදී මහින්දට විශේෂ ආරක්ෂාවක් නෑ ! Featured

පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා පසුගිය දා සිංගප්පුරුව ලබාගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීම එරට රජය විසින්  කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇත.

ඒ එරට තුලදී ඔහුට කිසිඳු ජිවිත තර්ජනයක් නැතැයි අවධාරණය කරමිනි.

පසුගියදා මැලේසියාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී එරට පදිංචි දෙමල ජාතිකයින් පිරිසකගෙන් මහින්ද රාජපක්ෂ මහතාට හා ඔහු සමග ගිය නියෝජිතයින්ට එල්ලවූ විරෝධය සැලකිල්ලට ගෙන සිංගප්පුරු යන හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාවක් ලබාදෙන ලෙස එරට ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කරන්නයි ඔහුගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකු බණ්ඩාර මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

ඒ අනුව විදේශ අමාත්‍යවරයා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා හරහා සිංගප්පුරු ආරක්ෂක අංශවලින් ඊට අදාල ඉල්ලීම ලිඛිතව සිදුකර ඇත.

එහෙත් සිංගප්පුරු බලධාරීන් පෙරලා දැනුම්දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට සිංගප්පුරුවේදී කිසිඳු ජිවිත අනතුරක් හෝ බලපෑමක් සිදුවීමට ඉඩක් නොමැති බවයි. 

මැලේසියාව ආසන්නයේ පිහිටියද සිංගප්පුරුව තුල ඕනෑම විදෙස් ප්‍රභූවරයකුගේ ආරක්ෂාව තහවුරුවී ඇතිබව එරට ආරක්ෂක අංශ අවධාරණය කර සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා සමග ඔහුගේ බාල පුත් රෝහිත රාජපක්ෂ (චිචී), යෝෂිත රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ හා උදිත් ලොකු බණ්ඩාර යන මහත්වරුන් මෙම සංචාරයට එක්ව සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top