Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 17, 2017

පොලිසියට භාවනා කරන්නැයි නියෝගයක් ! Featured

දිවයින පුරා සියළුම පොලිස් ස්ථානවල උදෑසන 8.00 ට සියලු නිලධාරීන් ප්‍රථමයෙන් මිනිත්තු 5 ක් ආනා පානා සති භාවනාව ද අනතුරුව මිනිත්තු 5 ක් මෛත්‍රී භාවනාව කළ යුතු බවට පොලිස්පති පුජිත ජයසුන්දර මහතා නියෝගයක් පනවා ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙනුවෙන් පෙරේදා (15) දවස පුරා පැවැති විශේෂ රැස්වීමකදී ඔහු මෙම දැනුම්දීම සිදුකර තිබේ.

තමාගේ රාජකාරි අතපසුවීමට මානසික ආතතිය (Depression) දැඩි ලෙස බලපෑ බව එහිදී සඳහන් කර ඇති පොලිපතිවරයා, භාවනාව තුලින් එය මග හරවා සහනයක් ලද ආකාරය දීර්ග ලෙස පැහැදිලිකර ඇත.

ඒ අනුව ආතතිය මග හැරීම පිණිස සියළු දෙනා මෛත්‍රී භාවනාවත්, ආනා පානා සති භාවනාවත් දිනපතා කළ යුතු බවට නියෝග කර ඇති පොලිපතිවරයා,  මෙකී භාවනා කරන්නේ කෙසේද? යන්න නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පැහැදිලිකර දී තිබේ.  

ඉන්පසුව ඊයේ (16) උදෑසන සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දුරකථනයෙන් අමතමින් තමා කී භාවනා පිළිවෙත් අනුගමනය කළාදැයි පොලිස්පතිවරයා පසු විපරමක් ද කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top